by Staff writer 02-01-2019 | 6:39 PM
COLOMBO (News 1st) : කොළඹ දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැල්ලවත්ත දුම්රියපොළ අසලදී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 513 ක් සමග අද පස්වරුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 18කට අධික බවයි.
අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරු මොරටුව මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය.