ලක්ෂපාන පා මුල දියවලක ගිලී විදේශිකයෙකු මරුට

ලක්ෂපාන පා මුල දියවලක ගිලී විදේශිකයෙකු මරුට

by Staff writer 02-01-2019 | 3:49 PM
COLOMBO (News 1st) : ලක්ෂපාන දියඇල්ල පා මුල දියවලක ගිලී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, 29 හැවිරිදි ඔහු සිය පෙම්වතිය සහ මිතුරන් කිහිපදෙනෙකු සමග එම දියවලේ ජල ක්‍රිඩාවේ නිරතව සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි. තරුණයාගේ සිරුර පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළ මෙහෙයුමකින් සොයාගෙන තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.