විදුලි සෝපාන අනතුර සම්බන්ධයෙන් විමර්ශන අරඹයි

රගර් ක්‍රීඩකයෙකුට මරු කැඳවූ විදුලි සෝපාන අනතුර සම්බන්ධයෙන් විමර්ශන අරඹයි

by Staff writer 02-01-2019 | 12:51 PM
COLOMBO (News 1st) - රගර් ක්‍රීඩකයෙකුට මරු කැඳවූ විදුලි සෝපාන අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ තාක්ෂණික කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන්ගේ වාර්තාව ඉදිරියේදී අධිකරණය වෙත භාර දීමට නියමිත බව ය. එම නිලධාරීන් පෙරේදා දිනයේදී අදාළ ස්ථානයට පැමිණ අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කර තිබේ. මෙම විදුලි සෝපාන අනතුරට හේතු වී ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව එම තාක්ෂණික පරීක්ෂණයේදී සොයා බැලෙනු ඇති. දැනට මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පසුගිය 29 වන දින අලුයම කොළඹ 02 නවම් මාවතේ රාත්‍රී සමාජ ශාලාවක් පිහිටි ගොඩනැගිල්ලක විදුලි සෝපානය කඩා වැටීමෙන් 24 හැවිරිදි රගර් ක්‍රීඩකයෙකු මිය ගියේ ය. සිද්ධියෙන් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.