රංගේ බණ්ඩාර අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටී...

රංගේ බණ්ඩාර අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටී...

by Staff writer 02-01-2019 | 6:32 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය. පක්ෂ මාරු කිරීමට වරප්‍රසාද හා මුදල් ලබාදීමට ගත් උත්සාහයක් පිළිබඳව පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය දා අනාවරණය කළ දුරකතන ඇමතුම් පදනම් කර ගනිමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය දා පැමිණිල්ලක් කළේ ය. අද දහවල් පාලිත රංගේ බණ්ඩාර කොමිසම හමුවේ පෙනී සිටියේ ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.