යාන් ඔයෙන් අවතැන් වූ ජනතාව වීදි බසී

යාන් ඔයෙන් අවතැන් වූ ජනතාව වීදි බසී

by Staff writer 02-01-2019 | 1:04 PM
COLOMBO (News 1st) - හොරොව්පතාන වාහල්කඩ යාන් ඔය ජලාශ්‍රය හේතුවෙන් අවතැන් වූ ජනතාව උද්ඝෝෂණයක් සංවිධාන කර තිබේ. යාන් ඔය ජලාශ්‍රයෙන් අවතැන් වූ ජනතාවගේ එකමුතුව අද මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි. කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ, විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුළු වීමට උත්සහ කරන බවට ලැබුණු තොරතුරක් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බව ය. කෙසේ වෙතත් එම පොලිස් බාධක නොතකා ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීමට විරෝධතාකරුවන් කාර්යාලයට ඇතුළු වූ බව වාර්තා වේ. මේ මොහොත වන විටත් උද්ඝෝෂණය අඛණ්ඩව සිදු වන බව අප වාර්තාකරු සඳහන් කළේ ය.