මේ වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16

මේ වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වන දා

by Staff writer 02-01-2019 | 7:03 AM
COLOMBO (News 1st) - මේ වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වන දා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සඳහා සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ය. යම් ලෙසකින් පළමු ශ්‍රේණියට සිය දරුවා ඇතුළත් කිරීම සඳහා පාසලක් නොලැබුණ හොත් ඒ පිළිබඳව පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හමු වී දැනුවත් කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. මේ අතර පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අභියාචනා විභාගය මේ වන විට අවසන් කර ඇති බව ද අමාත්‍යංශය පැවසුවේ ය.