මීගමුවේ සුනඛයා මරා දැමීම ගැන විමර්ශන ඇරඹේ

මීගමුවේ සුනඛයා මරා දැමීම ගැන විමර්ශන ඇරඹේ

by Sagarika Chathumali 02-01-2019 | 3:13 PM
COLOMBO (News 1st) : මීගමුව, කොප්පර හන්දියේ ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය 31 වන දා රාත්‍රියේ කූඩුවට භූමිතෙල් ගසා සුනඛයාට එලෙස ගිනි තබා ඇති බවයි. පිළිස්සුම් තුවාල ලබා සිටි එම සුනඛයා ඊයේ දිනයේ මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ලැබ්බ්‍රඩෝ වර්ගයේ සුනඛයෙකු එලෙස මරා දමා ඇති බවයි. මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මීගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ අදාළ ස්ථානයේ ඇඟිලි සලකුණු පරීක්ෂාවක් ද සිදු කළ බවයි. https://www.youtube.com/watch?v=IZpFjseQHbc