ජොන්ස්ටන්ට එරෙහි එක් නඩුවක තීන්දුව ලබන 26

ජොන්ස්ටන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ එක් නඩුවක තීන්දුව ලබන 26 වන දා

by Staff writer 02-01-2019 | 12:30 PM
COLOMBO (News 1st) - වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ එක් නඩුවක තීන්දුව ලබන 26 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද දැනුම් දුන්නා ය. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ, 2010 සිට 2011 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුවට අදාළව ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි 2010 සිට 2014 වසර දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඔහුට එරෙහිව නඩු 05ක් ගොනු කර තිබේ.