ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 02-01-2019 | 6:50 AM
COLOMBO (News 1st) 1. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ඊයේ ඇප මත මුදා හැරිණි. 2. තම දරුවන් දෙදෙනාගේ උප්පැන්න සහතිකවල සඳහන් තමන්ගේ වයස අවුරුදු 4කින් අඩු කර සංශෝධනය කරන ලෙස හා තමන්ගේ නම සංශෝධනය කර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබූ බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ටර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ ය. 3. කොළඹ වෙරළබඩ පොලිස් වසමේ 145 වත්ත නමැති ප්‍රදේශයේ ඊයේ දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබී ය. 4. වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ඊයේ යළි ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබී ය. 5. හෝමාගම, පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධි විහාරය ඉදිරිපිටදී පාතාල කල්ලි සමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. 66 හැවිරිදි මහා වජිරාලෝංකෝන් තායිලන්තයේ රජු ලෙස පත් කීරීමේ නිල උත්සවය එළැඹෙන මැයි මස 4 වන දා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ක්‍රීඩා පුවත් 7. ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනී ස්මිත්‍රි මන්දනා 2018 වසරේ හොඳ ම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලැබ තිබේ.