by Staff writer 02-01-2019 | 5:34 PM
COLOMBO (News 1st) : 2018 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලින් නීතිවිරෝධී ගිනිඅවි 1064 ක් සමග සැකකරුවන් 865 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් ගිනිඅවි අතර ටී - 56 ගිනිඅවි 191, ඒ - කේ 47 වර්ගයේ ගිනිඅවියක් වන බවයි.
ඊට අමතරව පිස්තෝල 30ක්, රිවෝල්වර් 22 ක්, හා බඳින තුවක්කු 632ක් අත්අඩංගුවට ගත් ගිනිඅවි අතර වේ.
අත්අඩංගුවට ගෙන ඇති වෙනත් ගිනිඅවි සංඛ්‍යාව 93 කි.