කළුතරදී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්

කළුතරදී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්

by Staff writer 02-01-2019 | 9:43 AM
COLOMBO (News 1st) - කළුතර උතුර, ගාලු පාර තොටුපළ හන්දිය අසළදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ ,වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 57 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව ය. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ රාත්‍රී 10.35ට පමණ වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.