පොහොට්ටුවෙන් නාමල් කුමාරට ලැබුණු පිළිතුර...

by Staff writer 01-01-2019 | 9:30 PM
COLOMBO (News 1st) - දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් භාර දුන්නේ ය. මෙවර මහ කන්නයෝ පොහොර සහනාධාරය ලබා දීමේදී සිදු වන බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිලි කළ බව නාමල් කුමාර මහතා සඳහන් කළේ ය. මෙවැනි දේවල් සිදු කිරීම මගින් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වනවා ද යන්න පිළිබඳව මාධ්‍යවේදීහු මෙහිදී නාමල් කුමාර මහතාගෙන් විමසූහ. ඊට පිළිතුරු දුන් නාමල් කුමාර මහතා...
"මිනිස්සු කිව්වා එක පාරම මහින්ද මහත්මයගේ පක්ෂයෙන් ඡන්දේ ඉල්ලන්න කියලා. මම කිව්වා හරි ඉන්නකෝ මම කතා කරලා බලන්නම් කියලා. 1919 යට කතා කරලා එතනින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දුරකතන අංකය ඉල්ල ගෙන අග්‍රාමාත්‍ය කා‍ර්යාලයට කතා කරලා එතනින් මහින්ද මහත්තයා හම්බෙන්න ඕන කිව්වම දුරකතන අංකය දුන්නා. උදිත ලොකුබණ්ඩාර මහත්මය‍ට මම කතා කරලා කිව්වා අහවලා මට හම්බෙන්න ඕන. අගමැතිතුමාව හම්බුණාම මම කිව්වා ගමේ මිනිස්සු මෙන්න මෙහෙම කතාවක් කියනවා සර්, මොකද කරන්නේ. ඊට පස්සේ ඝාතන කුමන්ත්‍රණය ඔබතුමානේ හෙළිකරේ. ඔව් මම තමා කරේ කියලා කිව්වා. හරි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාට මිනිස්සුන් මඩ ගහයි. ඔයාව නැත්තටම නැති කරලා දාවි. ඔය මිනිස්සුන්ගේ හැටි දන්නවනේ. මේ රටේ මිනිස්සු වාසියට විතරයිනේ වැඩ කිව්වා. මම කිව්වා ඒක නිසා‍ මට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වට පස්සේ එතුමා ආශිර්වාද කරා. මට අවසානයේ දැන ගන්න ලැබුණ පිළිතුර මොකද්ද දන්නව ද මේ පක්ෂයට දරදිය ඇදපු මිනිස්සු මේ දිස්ත්‍රික්කයේ මේ තරම් ඉද්දිත් නාමල් කුමාරට‍ නාමයෝජනා‍ දෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නය මගෙන් ඇහුවා. එතකොට මම කල්පනා කරා යකෝ දේශපාලනයට යවන්න ඕන මේ රටේ පක්ෂයකට දරදිය අදින මිනිස්සුන්ව ද, ජනතාවට දරදිර අදින මිනිස්සුන්ව ද? පක්ෂයකට දරදිය ඇද්දොත්ලු නාමයෝජනා‍ දෙන්නේ. ඉතින් ‍එහෙමනම් බුදු සරණයි කියන එක තමයි කියන්න තියෙන්නේ"