ශීත කාලගුණ තත්ත්වය තවදුරටත්....

පළාත් කිහිපයකට ශීත කාලගුණ තත්ත්වය තවදුරටත්....

by Staff writer 01-01-2019 | 10:54 AM

COLOMBO (News 1st) - ඉදිරි දිනවල විශේෂයෙන් උතුරු, උතුරුමැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ය. බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැකියි. සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.