තායිලන්ත රජු ලබන මැයි කිරුළු පළඳී

තායිලන්ත රජු ලබන මැයි නිල වශයෙන් කිරුළු පැළඳීමට සැරසේ

by Staff writer 01-01-2019 | 5:16 PM
(News 1st) - 66 හැවිරිදි මහා වජිරාලෝංකෝන් තායිලන්තයේ රජු ලෙස පත් කීරීමේ නිල උත්සවය එළැඹෙන මැයි මස 4 වන දා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එළැඹෙන මැයි මස 4 වන දා සිට 6 වන දා දක්වා මෙම රාජකීය උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තායිලන්ත රාජකීය මාළිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 2016 වසරේදී සිය පියා අභාවප්‍රාප්ත වීමෙන් පසු මහා වජිරාලෝංකෝන්ට තායිලන්තයේ රජකම හිමිවන බව ප්‍රකාශ විය. තායිලන්ත රාජ මාළිගාව නිවේදනය කරන පරිදි මැයි මස 3 වන දා රාජකීය කිරුළ නිල වශයෙන් කිරුළු පළඳවනු ලබන අතර, මැයි 5 වන දින සැමරුම් පෙළපාලියක් පැවැත්වීමට නියමිත ය. මැයි මස 6 වන දින රාජකීය සහ විදේශීය සම්භාවනීය අමුත්තන් හමුවීමට රජු තීරණය කර තිබේ. 1932 සිට තායිලන්තය ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක් වන අතර නමුත් රජුගේ ජනතාව හා සංස්කෘතියේ ආත්මික ආරක්ෂකයා ලෙස අභිමානයෙන් සලකනු ලැබීම විශේෂත්වයකි.