ජම්පටා වීදියේ වෙඩි තැබීමක්...

ජම්පටා වීදියේ වෙඩි තැබීමක්..

by Staff writer 01-01-2019 | 2:09 PM
COLOMBO (News 1st) : කොළඹ වෙරළබඩ පොලිස් වසමේ 145 වත්ත නමැති ප්‍රදේශයේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මොහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, එම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලීසිය පවසන්නේ, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර කලක සිටි පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවයි. මෙම ප්‍රදේශයේ මීට පෙර ද වෙඩි තැබීම් කීපයක් සිදුව ඇතැයි පොලීසිය පැවසී ය.