නව වසරේ ජනපතිගේ ඉල්ලීම...

ජනපති, අගමැති හා විපක්ෂ නායකගෙන් නව වසරට සුබපැතුම්

by Sagarika Chathumali 01-01-2019 | 6:46 AM
COLOMBO (News 1st) : 2019 නව වසර උදාව පිළිගනිමින් ලොව පුරා ජනතාව විවිධ සැමරුම්වල නිරතවෙද්දී මෙරට ජනතාව ද නව වසර පිළිගත්තේ විවිධ ආගමික වතාවත්වල නිරත වෙමිනි. උදා වූ නව වසරට සුබ පැතුම් සුබ පැතුම් එක්රමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඉල්ලා සිටින්නේ, 2019 වර්ෂය දූෂණයට විරුද්ධ වසරක් වශයෙන් ක්‍රියාත්මක කරන පුළුල් වැඩසටහන්වලට සෑම කෙනෙකුගේම සහයෝගය ලබා දෙන ලෙසයි. "නව වසරක් ලබන අවස්ථාව ලක්වැසි ජනතාවට ඔබෙත් මගෙත් මාතෘ භූමියට වාසනාවන්ත වූත් සුභවාදී වූත් වසරක් බවට පත් කර ගැනීමට ඔබ අප සියලුදෙනාගේ සාමූහිකත්වය සහ වගකීම තුළ ඉටුවේවා කියලා මා සියලු දෙනාටම සුභ පතනවා ආශිර්වාද කරනවා.ඒ වගේම ඉතාම ගෛෟරවයෙන් ඔබගෙන් මන් ඉල්ලා සිටිනවා අපි රටක් විදිහට කටයුතු කිරීමේදී දුගී බවෙන් නිදහස් කරගැනීම සදහාත් වඩාත් සමෘදිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම සදහාත් ඒ වගේම පරිසර සංරක්ෂනයෙන් ස්වභාවික සම්පත් ආරක්ෂාකර ගැනීම තුළ තිරසාර සංවර්ධන ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට බලන 2019 වර්ෂය ඔබ සියලුදෙනාගේම සහයෝගය, අනුග්‍රහය සහ සහභාගීත්වය මා ඉතාම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. අපිට රාජ්‍ය පාලනයේදී රටේ සංවර්ධනයේදී ප්‍රබල අභියෝගයක්ව තිබෙන්නාවූ 2019 වර්ෂය දූෂනයට විරුද්ධ වසරක් වශයෙන් ක්‍රියාත්මක කරන පුළුල් වැඩසටහන්වලට ඔබ සෑම කෙනෙකුගේම සහයෝගය මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරෝ , ධර්මයෙන් ජීවත් වෙන්නා සෑම විටම ධර්මයෙන් ආරක්ෂා කරන බව ඔබ අප දන්නවා. ඔබ සියලු දෙනාටම ස්තූතියි තෙරුවන් සරණයි" මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ 2019 නව වසර එළඹෙන්නේ දේශයටත්, ජනතාවටත් නව අරමුණු අධිෂ්ඨානයන් පෙළගැසෙන නව යුගයක උදාව සමගින් බවයි. ගෙවුනු වසරේ මුහුණ දීමට සිදුවූ බරපතල අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයග්‍රහනයක් බව අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසරට සමස්ථ ලක්වැසියන්ට සුබ පතමින් පවසන්නේ අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් සමාජයක් ගොඩනැංවීමට හදවතින්, පිළිවෙතින්, දිරිමත්ව පෙළගැසෙන ලෙසයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද නව වසරට සුබ පැතුම් එක් කර තිබේ. "ලැබුවාවේ නව වසර ඉතාම සුභ නව වසරක් වේවායි මම මේ අවස්ථාවේදී ඉතසිතින් පතනවා. ඒවගේම ජාති කුල ආගම් භේදයෙන් තොරව ජාතියක් වශයෙන් රටක් වශයෙන් එකමුතුව එකට ජීවත්වන්නට හැකියාව අපේ ජනතාවට ලැබේවා."