හෂීස් ගෙනා ඉන්දියානුවා කටුනායකදී අත්අඩංගුවට

හෂීස් ගෙනා ඉන්දියානුවා කටුනායකදී අත්අඩංගුවට

by Sagarika Chathumali 31-12-2018 | 7:06 AM
COLOMBO (News 1st) : හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 280ක් සිය භාරයට ගත් බවයි. 30 හැවිරිදි ඉන්දීය ජාතික සැකකරු බැංගලෝර් සිට මෙරටට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, සැකකරු මේ වසර තුළ අවස්ථා 6කදී මෙරටට පැමිණ ඇති බවයි. මෙම මත්ද්‍රව්‍ය මෙරට සිටින විදේශිකයින් අතර බෙදාහරින බව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයි, පොලීසිය පැවසී ය.