රු. මිලියන 2400 ක හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රු. මිලියන 2400 ක් වටිනා හෙරොයින් තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 31-12-2018 | 4:22 PM

COLOMBO (News 1st) - දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 200 කට ආසන්න තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එහි වටිනාකම රුපියල් මිලියන 2400 කට අධික බවයි. ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.