පියල් ද සිල්වා නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරේ

පියල් ද සිල්වා නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරේ

by Staff writer 31-12-2018 | 10:28 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පත් කර තිබේ. අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී නව නාවික හමුදාපති ලෙස පියල් ද සිල්වා මහතා ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නව නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා ධූරයට පත් කර ඇති බවයි. මේ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හෙට විශ්‍රාම ගැනීමට නියමිතයි. නව නාවික හමුදාපතිවරයා පත් වීම පිරිනමන අවස්ථාවට ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු ද එක්ව සිටියහ.