ජාතික පාසල්වල විදුහල්පති හිඟයට ලබන මාසයේ විසඳුම්

ජාතික පාසල්වල විදුහල්පති හිඟයට ලබන මාසය අවසන්වීමට පෙර විසඳුම්...

by Staff writer 31-12-2018 | 4:46 PM

COLOMBO (News 1st) - ජාතික පාසල්වල විදුහල්පති හිඟය ජනවාරි මාසය අවසන්වීමට පෙර සම්පුර්ණ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ, ජාතික පාසල් 302 ක් මේ වන විට වැඩබලන විදුහල්පතිවරුන් මගින් පාලනය වන බවයි. එම පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති අතර ඒ සඳහා අයැදුම්පත් 800 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා පැවසුවේ, සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගත් අයැදුම්කරුවන්ගේ ලැයිස්තුවක් ලබන 10 වන දාට පෙර රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර අනුමැතිය ලබා ගැනීමට ක්‍රියාකරන බවය. පාසල් 352 ක් ජාතික පාසල් ලෙස ක්‍රියාත්මක වේ.