ජල ගැලීම්වලින් උතුරේ අස්වැන්න අඩුවෙයි

ජල ගැලීම්වලින් උතුරේ අස්වැන්න අඩුවෙයි

by Staff writer 31-12-2018 | 7:35 AM
COLOMBO (News 1st) : උතුරු පළාත ආශ්‍රිතව පැවති ජල ගැලීම් හේතුවෙන් වගා අස්වැන්නෙන්, 15%ත්, 20%ත් අතර ප්‍රමාණයේ අස්වනු අඩුවීමක් වාර්තා වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, සිදුව ඇති සමස්ත වගා හානි ගණනය කිරිම සඳහා විශේෂ කණ්ඩායම් යොමු කර ඇති බවයි. සිදුව ඇති හානි පිළිබඳ තක්සේරු කිරිමෙන් පසු ලබා දිය හැකි සහන ක්‍රමවේදයන් සැලසුම් කරන බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත් ආශ්‍රිතව ඇතිවු ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 3600කට ආසන්න පිරිසක් තවදුරටත් රැදවුම් මධ්‍යස්ථාන 13ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.