ජනපති අද මහනුවරට...

ජනපති අද දළදා සමිඳුන් වැඳපුදා ගනී

by Staff writer 31-12-2018 | 3:18 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරුවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගෙන තිබේ.

ඉන් අනතුරුව සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් බැහැ දුටුවේ ය. පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අස්ගිරි ගෙඩිගේ විහාරයේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවාවේ උපාලි නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. ජනාධිපතිතුමා ගෙඩිගේ විහාරයේ බුද්ධ මන්දිරයේ අගමික වතාවත් සිදු කළේ ඉන් අනතුරුවයි. වේඩරුවේ උපාලි නා හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිකෙරෙමින් පවතින කෞතුකාගාරයේ ඉදිකිරීම් නිරීක්ෂණයකට ද ජනාධිපතිතුමා එක් විය.