ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 31-12-2018 | 6:39 AM

COLOMBO (News 1st) දේශීය පුවත්

1. ජාලියගේ තානාපති වරප්‍රසාද ගැන හෙළිදරව්වක් : ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති වරප්‍රසාද සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් සිදු කරන හෙළිදරව්වක් අද දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කර තිබිණ. 2. රගර් ක්‍රීඩකයාට මරු කැඳවූ අනතුරට හේතුව අභිරහසක්? : රගර් ක්‍රීඩකයෙකුට මරු කැඳවූ කොළඹ 02 නවම් මාවතේ රාත්‍රි සමාජ ශාලාවේ විදුලි සෝපාන අනතුර සිදු වී මේ වනවිට පැය 24කටත් අධික කාලයක් ගතවී තිබේ. 3. රජයේ වෙබ් අඩවි යාවත්කාලීන නොකිරීමෙන් ගැටලු රැසක් : ප්‍රාදේශිය ලේකම් කාර්යාල ආශ්‍රිත වෙබ් අඩවි ඇතුලු රාජ්‍ය ආයතන රැසක වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන නොකිරීම ගැටලුකාරි තත්ත්වයක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. 4. උසස් පෙළ විශිෂ්ටයින් පිළිබඳ News 1st තබන සටහනක් : අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ.

විදෙස් පුවත්...

1. බංග්ලාදේශ මහ මැතිවරණය ඇරඹේ: බංග්ලාදේශ මහ මැතිවරණය ඊයේ පැවැත්විණ. බංග්ලාදේශයේ 11 වන මහ මැතිවරණය වන මේ සඳහා ඡන්ද දායකයන් මිලියන 100 ක්, මධ්‍යස්ථාන 40,199 කදී ඡන්දය භාවිත කළහ.

ක්‍රීඩා පුවත්...

1. ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ජය :  සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 137 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.