ගිනිකෙළි භාවිතයේදී සැලකිලිමත්වන්නැයි උපදෙස්

ගිනිකෙළි භාවිතයේදී සැලකිලිමත්වන්නැයි උපදෙස්

by Staff writer 31-12-2018 | 2:09 PM
COLOMBO (News 1st) : නව වසර උදාව සැමරීම සඳහා ගිනිකෙළි භාවිතයේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දී තිබේ. ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා මෙනවිය කියා සිටියේ, ආනාරක්ෂිත ගිනිකෙළි භාවිතය හේතුවෙන්, සෑම වසරකම අනතුරු වාර්තා වන බවයි. පසුගිය 24, 25 සහ 26 යන තෙදින තුළදී අනතුරුවල 3%ක ඉහළ යාමක් වාර්තා වන බව ද, ඇය සඳහන් කළා ය. මෙවර එම දිනවල ගිනිකෙළි අනතුරු වාර්තා නොවීම විශේෂත්වයකි.