ගන්දර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ගන්දර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 31-12-2018 | 3:33 PM

COLOMBO (News 1st) - මාතර, ගන්දර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන ඝාතනය සිදු ව ඇති බවයි. ඉඩම් ආරවුලක් හේතුවෙන් වූ බහින්බස්වීමක් දුර දිග යෑමෙන් ඝාතනය සිදු වී ඇත. ඝාතනයට ලක් ව ඇත්තේ, 72 හැවිරිදි ගන්දර පදිංචිකරුවෙකි. අසල්වැසි ඥාති අඹුසැමි යුවළක් ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පවසයි. සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.