කටුගස්තොට පොලීසියේදී සැකකරුවෙක් ගෙල වැල ලා ගනී

කටුගස්තොට පොලීසියේදී සැකකරුවෙක් ගෙල වැල ලා ගනී

by Staff writer 31-12-2018 | 8:11 AM
COLOMBO (News 1st) : කටුගස්තොට පොලීසියේ සිර මැදිරියක් තුළදී සැකකරුවෙකු ගෙල වැල ලා ගෙන මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු අද අලුයම් කාලයේදී එලෙස ගෙල වැල ලා ගෙන ඇති බවයි. ගංජා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 26 හැවිරිදි කටුගස්තොට පට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුට එරෙහිව මීට පෙර ද ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.