ඖෂධ වර්ග 80ක හිඟයක්... ?

ඖෂධ වර්ග 80ක හිඟයක්... ?

by Sagarika Chathumali 31-12-2018 | 10:57 AM
COLOMBO (News 1st) : රට තුළ නිර්මාණය වී ඇති ඖෂධ හිඟය කඩිනමින් විසඳීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ. සෞඛ්‍යය අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කෙළ්, මේ වන විට ඖෂධ වර්ග 80ක පමණ හිඟයක් පවතින වන බවයි. එම ඖෂධ වර්ග කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන්නැයි, සියලු අංශවලට උපදෙස් දී ඇතැයි, එම නිලධාරීයා සඳහන් කළේ ය. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා අවශ්‍ය උපදෙස් මේ වන විට නිකුත් කර ඇතැයි ද, සෞඛ්‍යය අමාත්‍යාංශය පැවසී ය. රට තුළ පැවති දේශපාලන වතාවරණය හමුවේ, ප්‍රසම්පාදන කටයුතු ඇනහිටීමෙන්, මෙරටට ඖෂධ ගෙන්වීම ප්‍රමාද වූ බව ද එම නිලධාරියා අනාවරණය කළේ ය.