එ.ජා.ප ඇතුළු පුළුල් සන්ධානයට නායකත්ව මඩුල්ලක්... පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් යළි ත් අප්‍රසාදයෙන්...

by Staff writer 31-12-2018 | 7:52 PM

COLOMBO (News 1st) - නායකත්වය අර්බුදයට ලක් වූ අවස්ථාවලදී මෙන් ම මෙවරත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය කවුන්සිලකට මුවාවී තනතුර රැකගන්නට උත්සාහ දරමින් සිටි.

නායකත්ව උගුල වෙන්වන්නේ මේ පිළිබඳව පුළුල් සංවාදයක් වෙනුවෙන්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමේ ගෙවෙමින් ඇත්තේ 24 වන වසරයි. දශක දෙකක් ඉක්මවාගිය මේ කාල සීමාව තුළ පක්ෂය පරාජය වූ මැතිවරණ ගණන තිහකට ආසන්නයි. දිගින් දිගටම ලබන මැතිවරණ පරාජයන් හමුවේ පාක්ෂිකයින්ගෙන් මතු වූ නව නායකත්වයක ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතා යටපත් කළේ නායකත්ව කවුන්සිල වැනි උපාය යොදා ගනිමිනි. කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් පත්කළ නායකත්ව කවුන්සිලයට අවසානයේ සිදු වූ දේ කරූ ජයසූරිය මහතා බව තවමත් නොදන්නවා විය හැකියි. දශක දෙකකට අධික කාලයක් පාක්ෂිකයාත් පක්ෂයත් පසු පසට ඇද දැමූ වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදීම පොදු අපේක්ෂකයෙකුට මුවාවී තනතුර ආරක්ෂා කරගත් ආකාරය පාක්ෂිකයාට නම් රහසක් නොවේ. 2010 සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට යොදවා අවසානයේ සිදු කළේ, රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයත් විපක්ෂ නායකකමත් ආරක්ෂා කර ගැනීමයි. 2015 නැවතත් පොදු සන්ධානයක් යැයි කියාපාමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කර තනතුරු ආරක්ෂා කර ගැනීමට වික්‍රමසිංහ මහතා ක්‍රියාකල ආකාරය පාක්ෂිකයා හොඳින් දනියි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගැනීමෙන් පසුව 19 වන සංශෝධනයට මුවාවී විධායක ජනාධිපති බලතළ හොර රහසේ පැහැර ගැනීමට මාන බැලීමයි. අප අධිකරණය හමුවට ගොස් අභියෝග නොකරන්නට මාධ්‍ය ආයතන ප්‍රධානීන් මේනම මාධ්‍යවේදීන් පවා සිරගතකර දඩ අයකර ගැනීමට හැකි වගන්ති අනුමත්වීමට ඉඩ තිබුණි. අප ගොනුකල පෙත්සම් සලකා බලා අධිකරණය අවසානයේ එම වගන්ති සම්මත කිරීමට තුනෙන් දෙකක් පමණක් නොව ජනමත විමසුමක්ද අවශ්‍ය බවට තීරණය කළෙමු. නමුත් දැන් ජනතාවට අවබෝධ වන්නේ 19 හරහා බලය කොල්ලකෑමට දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස රට තුළ දැවැන්ත අවුලක් නිර්මාණයවී ඇති බවයි. රටට කුමක් වූවත් අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය නම් ආරක්ෂාවී ඇතැයි පාක්ෂිකයින්ට මේ වනවිට වැටහී තිබේ. නැවතත් නායකත්වය අභියෝගයට ලක්වී තිබෙන අවස්ථාවේ වික්‍රමසිංහ මහතාගේ අලුත්ම උපාය පොදු සන්ධානය නමැති උගුලයි. රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය, ලක්ෂ්මන් කිරිඇල්ල,
ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් එනවා. ඒ ජනාධිපතිවරණයට‍ අපි දිනන්න පුලුවන් අපේක්ෂකයෙක් දාලා අපි ජයග්‍රහණය කරනවායි කියන එක මම තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදි මතක් කරනවා. ගරු රනිල් වික්‍රමසිංහ නායකතුමාතමයි අද පක්ෂ නායකතුමා හැටියට ක‍ටයුතු කරන්නේ. එතුමාත් එක්ක අත්වැල් බැඳ ගෙන අපි මේ සටනට අද අපි ඉදිරිපත් වෙනවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, රාවුෆ් හකීම්,
කෙළින්ම හා වක්‍රාකාරව අපිට උදව් වුන විපක්ෂයේ හිටියත් අපේ ද්‍රවිඩ සන්ධානයේ නායක තුමන්ටත් ඒ මන්ත්‍රීවරුන්ටත් අපි ස්තූතිය පුද කරන්න ඕන. ඒ අයගේ වුවමනා‍ව ඉටු කිරීම සඳහා අපි කළ හැකි උපරිමය කරන්ටත් අපි පෙළඹෙන්න ඕන. ඒ හරහා මීළඟ ජනාධිපතිවරණයේදිත් අපි එක්සත් ජාතික පක්ෂයේ නියම නියෝජිතයෙක් ජනාධිපති කරන්න අපි කවුරුත් ඉතාම උනන්දුවෙන් කටයුතු කළ යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දැන් අපේ අතර තියෙන පක්ෂ ම‍ට්ටමින් තියෙන බෙදීම් අමතක කරලා එකමුතුවෙන් සන්ධාන ගතවීම සඳහා අපි ලියාපදිංචි සන්ධානයක් හැටියට එක්සත් ජාතික පෙරමුණ අපි ලියාපදිංචි කරන්න සූදානම් වෙනවා.
පොදු සන්ධානය තුළ අලුත්ම නායකත්ව උගුල දැන් කරලියට පැමිණ තිබේ. අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ, නව සන්ධානය සඳහා කොලීජියල් ලීඩර්ෂිප් ලෙස හඳුන්වන සාමූහික නායකත්වයක් හඳුන්වාදීමට සූදානම්වන බවයි. මේ සඳහා සාමාජිකයික් 10 දෙනෙකු යෝජනා කර තිබේ. එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුලු පාර්ශව කිහිපයක් නව පෙරමුණේ හවුල්කරුවන් වනු ඇතැයි ඩේලි මිරර්පුවත්පත් වාර්තාවේ සඳහන් වේ. එහි දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් ආරම්භ වන නව සන්ධානයේ කෙටුම්පත් කරමින් ඇති ව්‍යවස්ථාවට අනුව සාමූහික නායකත්වයේ සභාපතිත්වය එක්සත් ජාතික පක්ෂයට හිමිවන බවයි. එක්සත් ජාතික පක්ෂයේ පා.ම, හේෂාන් විතානගේ
මන්ත්‍රීවරයෙක් දෙන්න ඉන්න පක්ෂයයි කියාගන්නා නායකයෝ සුළු ත්‍රීවිල් එකේ යන සාමාජිකයෝ නැති පක්ෂවල නායකයෝ නැවත මේ එක්සත් ජාතික පෙරමුණට තමන්ගේ කණ්ඩායම් එකතුවෙනවා කියන වෙනත් පුළුල් සන්ධානයක් කියන තේමාවක් ගෙනල්ලා ඒ පක්ෂය වෙන්ත තැනකට ගෙනියනව නම් ඒක මේ වෙලාවේ ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. පොදු අපේක්ෂකයෝ දෙන්නෙක් ගෙනල්ලා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හයිය බිඳ දාලා තියෙන වේලාවක තමයි අද මේ සියලු දෙනා නැගිටලා අපේ පක්ෂයේ නායකයෙක්ගේ ආශිර්වාදය ඇතුව මේ රටේ තනි ආණ්ඩුවක් බිහිකරන්න බලාපොරොත්තු වෙනවා. සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක වගේ තරුණ නායකයෝ අපි ගරු අගමැතිතුමාගේ අවධානයට ලක්කරනවා මේ අහුලගන්න නායකයොන්ගේ උවමනාවට අපේ පාක්ෂිකයන් බිල්ලට නොදී ඊළඟ ජනාධිපතිවරණය අපි ජයග්‍රණය කරන්න ඕනේ.
එක්සත් ජාතික පක්ෂයේ, පා.ම, චමින්ද විජේසිරි,
පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍යතාවය තියෙන්නේ කාටද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරු විදිහට පහුගිය කාලෙම මේ නායකත්ව මණ්ඩලවලට විරුද්ධ වෙච්ච පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය යයි කියපු සමහර මැති ඇමතිවරු ඒකාලේ නම් මන්ත්‍රීවරු කෑගහලා දැන් ඇමති පට්ටම දුන්නට පස්සේ තමුන්නාන්සේලා මේකට අත උස්සලා හා කියපු එක ගැන යම් කිසි කුතුහලයක් ප්‍රශ්නයක් තියෙනවා. මේ පුළුල් සන්ධාන ඉල්ලන කණ්ඩායමෙන් අපි ඉල්ලීමක් කරනවා සන්ධානගත වෙන පක්ෂවල නායකයෝ ඇවිල්ලා මේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගන්න. ඔවුන්ට තියෙන නායකත්වයේ අරමුණ අපේ පක්ෂය හරහා ඉෂ්ට කරගන්න යනවට අපි විරුද්ධයි. ඒ නිසා මේ වේලාවේ දෙවැනි පෙලේ නායකත්වයත් මේ වේලාවේ තේරුම්ගන්න ඕන දෙයක් තමයි සුදුස්සා හැටියට නිර්මාණය වෙලා ඉන්නකොට පස්ස ගහන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන තමන්ට තියෙන අභියෝග භාර අරගෙන වර්තමාන නායකත්වය එක්ක කතා කරලා ඉදිරි වැඩපිළිවෙළ හදාගන්න ඕනේ.
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ, මහලේකම්, මෛත්‍රී ගුණරත්න
එක්සත් ජාතික පක්ෂය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මීට කළින් නායකත්වයේ යම් අර්බුදයක් ආපුවහම නායකත්ව මණ්ඩලයක් ගේනන හදනවා. ඒ මණ්ඩලය ගෙනල්ලා මොකක්ද කරන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එතනම ඉන්නමයි හදන්නේ. මේක ආයේ කියන්න දෙයක් නැහැ. මේක දැන් තියෙන තත්ත්වය අනුව සජිත්ලට නවීන්ලට භාරදෙන්නේ නැතුව මෙයා එක්සත් ජාතික පක්ෂය විනාශ කරනවා. අනිත් එක සජිත් හා නවීන් මහත්තයලා කට ඇරන් බලන් ඉන්නවා මේක ලැබෙයි ලැබෙයි කියලා කවදාවත් ඕක ලැබෙන්නේ නැහැ. ගන්න හම්බුවෙන්නෙත් නැහැ. මේකට සටන් කරන්න ඕනේ. බන්දේසියක තියලා කවුරුත් දෙන්නේ නැහැ මෙන්න අගමැතිකම මෙන්න ජනාධිපතිකම කියලා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සාහ කරන්නේ 2020 අපේකෂකයා වෙන්න බොහොම හොඳයි එන්න ආවොතින් තව ත් අවුරුදු ගාණකට එක්සත් ජාතික පක්ෂය පස්සට යනවා කියන එක අපි පැහැදිලිවම කියන්න කැමතියි.
මේ අතර හෙට පසුපෙළ මන්ත්‍රී රැස්වීමක් එක්සත් ජාතික පක්ෂය කැඳවා තිබේ. ඊට පෙර දින 56 අරගලය යැයි හඳුන්වන වැඩපිළිවෙළට සහය දුන් පාර්ශවවලට උදෑසන තේ පානය සඳහා ද ඇරයුම් කර ඇත. මීට පෙරද පසුපෙළ මන්ත්‍රීවරුන් නායකත්වය උභියෝගයට ලක්කරද්දී සිදු වූයේ මේ දෙයමයි. කෙසේවෙතත් අවසානයේ සිදු වන්නේ කුමක් ද? එක්සත් ජාතික පාක්ෂිකයාට පක්ෂය ද නැතිවන තැනකට ගමන් කිරීමක් නොවේ ද?