නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතත් කපටි උපායක් ද?

එජාපෙ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් සිදු කරන්නට යන්නේ කුමක් ද?

by Staff writer 31-12-2018 | 8:18 PM

COLOMBO (News 1st) - අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ දරමින් සිටි.

ඒ මගින් සිදු කරන්නට යන්නේ කුමක් ද? 19 වන සංශෝධනය හරහා විධායක ජනාධිපති බලතළ පැහැර ගැනීමට උත්සාහ කළ අයුරින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතත් කපටි උපායක් ද? මේ පිළිබඳව රටේ ජනතාව මේ වනවිට අවදියෙන්... රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය, ලක්ෂ්මන් කිරිඇල්ල,
අද අපි අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන යනවා. අපි ලබන අවුරුද්දේ ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට තියෙන ව්‍යවස්ථා‍වේ 9 වෙනි වගන්තිය අනුව බුද්ධාගමට දැන් තියෙන ව්‍යවස්ථාවෙන් තියෙන තැන අපි කිසිම වෙනසක් කරන්නේ නෑ. ඒ වගේම ඒකීය රාජ්‍ය අපි ඒකීය කියන වචනය ව්‍යවස්ථාවේ සිංහල කොපියටයි ද්‍රවිඩ කොපියටයි ඉංග්‍රීසී කොපියටයි දාන්නේ එකම වචනයකින්. එතකොට කාටවත් මේක වැරදි විදියට අර්ථ නිරූපණය කරන්න බෑ. ද්‍රවිඩ පක්ෂ කිව්වා ඒකීය, කියන වචනයට ද්‍රවිඩ භාෂාවෙන් ඔරමිත්තනාඩු කියලා දාමු කියලා නමුත් අපි කිව්වා එහෙම කරන්න බැහැ ඒකීය වචනය සිංහල පිටපතෙත් ද්‍රවිඩ හා ඉංග්‍රීසිවලත් එහෙමයි වෙනසක් නැහැ. අද අපිට චෝදනා කරනවා ද්‍රවිඩ අය සමග අත්වැල් බැඳගෙන ඉන්නවා කියලා එයාල අපෙන් ඉල්ලන්නේ සංවර්ධනය විතරයි මිත්‍රවරුණි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙන්ම පසුගිය දා මහ නා හිමිවරුන් හමු වූ රනිල් වික්‍රමසිංහ මහතාත් පැවසුවේ, ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන බවයි. එහෙත් මේ ව්‍යවස්ථා කෙටුම්පතේ නිමැවුම්කරුවන් දරණ මතය ඊට පරස්පරයි. දෙමළ ජාතික සන්ධානයේ පා.ම, එම්.ඒ සුමන්දිරන්,
මම දෙමළ මාධ්‍යවලින් ප්‍රශ්නයක් අහනවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහනායක හිමියන් හමු වූ අවස්ථාවේ කථාකලේ දෙමළ භාෂාවෙන් ද? ඔට්‍රෙයිආච්චි කියල දෙමළෙන්ද කිව්වේ? ඒකීය රාජ්‍යය කියල තමයි කියල තිබුනේ. ඒකීය රාජ්‍ය කියන එකට හරි දෙමළ වචනය ඔට්‍රෙයිආච්චි නොවෙයි කියල කෙටුම්පතේ සඳහන් කරල තියෙනවා. හරි දෙමළ වචනය ඔරුමිත්තනාඩු කියල කෙටුම්පතේ සඳහන් කරල තියෙනවා. එහෙම තියෙද්දි එතුමා ඒකීය රාජ්‍ය කිව්වම ඔට්‍රෙයිආච්චි කියල තමයි මාධ්‍යයෙන් කියන්නේ.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම්, නීතිඥ තුෂාර දිසානායක,
මේ ෆෙචරල් ව්‍යවස්ථාව ගැන සුමන්දිරම් මන්ත්‍රීවරයා කියන කතාව ඇත්ත ද? අද ද්‍රවිඩ සංධානය ඔවුන්ගේ මතය කියා පාළා තියෙනවා. සුමන්දිරම් මන්ත්‍රීවරයා රටට කියනවා දෙමළ සන්ධානය රටට කියනවා මෙම ව්‍යවස්ථාව හදන්නේ කොහෙද මෙම ව්‍යවස්ථාව ඉදිරියට ගෙන්නේ කොහොමද? මෙම ව්‍යවස්ථාව හදන්නේ කවුද? මෙම ව්‍යවස්ථාව කෙලෙසද පර්ලිමේන්තුව ඉදිරියට ගෙන්නේ කියලා. මේ වේලාවේ හොර ගල් අහුල අහුල කාටත් හොරා හොර රහසේ නැටුම් නටන හදන එක්සත් ජාතික පක්ෂයෙනුත් ඊට උඩගෙඩි දෙන ජනතා විමුක්ති පෙරමුනෙනුත් අපි අහනවා ඇත්තද මේ සුමන්දිරම් මන්ත්‍රීවරයා කියන කථාව. රනිල් වික්‍රමසිංහට තියෙන ආදරයට නෙමෙයි එක්සත් ජාතික පක්ෂයට බහුතර බලය ලබා ගන්න ද්‍රවිඩ ජාතික සංධානය තමන්ගේ අත් එසෙව්වේ මොකද ටී.න්. ඒ සංවිධානය වඩා කැමති කොටියාට මිසක් සමනළයන්ට නෙමෙයි. රනිල්ට බහුතරය දුන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන එන්න කියන කාරණාව පැහැදිලි වෙලා තියෙනවා.