'Avengers - Infinity War' වසරේ වැඩිම ආදායම් අතරට

'Avengers - Infinity War' වසරේ වැඩිම ආදායමක් හිමි කර ගනි

by Hashini De Mel 30-12-2018 | 11:50 AM

මේ වසරේ වැඩිම ආදායමක් ඉපැයූ හොලිවුඩ් චිත්‍රපට අතර පෙරමුණ හිමිකර ගැනීමට Avengers - Infinity War චිත්‍රපටය සමත් විය.

එම චිත්‍රපටය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2 කට අධිකයි. Avengers - Infinity War චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ වන බව එහි නිෂ්පාදකයින් පවසති. මෙම චිත්‍රපටය එළිදක්වනු ලැබුවේ මේ වසරේ අප්‍රේල් මස 23 වන දායි.