බංග්ලාදේශ මහ මැතිවරණය අද යි

බංග්ලාදේශ මහ මැතිවරණය අද යි

by Staff writer 30-12-2018 | 7:27 AM

බංග්ලාදේශ මහ මැතිවරණය අද පැවැත් වෙයි.

බංග්ලාදේශයේ 11 වන මහ මැතිවරණය වන මේ සඳහා ඡන්ද දායකයන් මිලියන 100 ක්, මධ්‍යස්ථාන 40,199 කදී ඡන්දය භාවිත කිරීමට නියමිත ය. දේශපාලන විචාරකයින් පවසන්නේ, මහ මැතිවරණයෙන් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂය ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. බංග්ලාදේශ ප්‍රධාන විපක්ෂය වන බී. එන්. පී. පක්ෂය මෙවර මහ මැතිවරණයට මුහුණ දෙන්නේ පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිරගත කර ඇති පසුබිමකවීම විශේෂත්වයකි. අද පැවැත්වෙන මහ මැතිවරණය සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ. බංග්ලාදේශ බලධාරීන් පැවසූවේ, ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලීසිය, හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් ලක්ෂ 6 කට අධික පිරිසක් යොදාවා ඇති බවයි. මහා මැතිවරණයට පෙර ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීම, ආරක්ෂාව ඉහළ නැංවිමට හේතුවී ඇත. මේ අතර අද පැවැත්වෙන මහ මැතිවරණයට පෙර අධිවේගී ඉන්ටර්නෙට් සේවා නතර කිරීමට ද බංග්ලාදේශ් බලධාරීන් පියවර ගෙන තිබේ. නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු නතර කිරීම හා කටකතා පැතිරීම වැලැක්වීම අරමුණු කරමින් මෙම පියවර ගෙන ඇත.