පාසල් ආශ්‍රිතව අද සහ හෙට ඩෙංගු මර්දන වැඩසටහන්

පාසල් ආශ්‍රිතව අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

by Staff writer 30-12-2018 | 7:43 AM

COLOMBO (News 1st) - දිවයිනේ සියලු පාසල් ආශ්‍රිතව අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙනි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, ලබන වසරේ පාසල් ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීම් සිදුකර සුරක්ෂිත පාසල් පරිශ්‍රයක් පවත්වාගැනීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක බවයි. දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස සියලු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ සඳහා දෙමාපියන් ඇතුළු සියලු පාර්ශවයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.