ජාලියගේ තානාපති වරප්‍රසාද ගැන හෙළිදරව්වක්

ජාලියගේ තානාපති වරප්‍රසාද ගැන හෙළිදරව්වක්

by Staff writer 30-12-2018 | 8:53 PM
COLOMBO (News 1st) : ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති වරප්‍රසාද සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් සිදු කරන හෙළිදරව්වක් අද දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කර තිබිණ. එම වාර්තාවේ දැක්වෙන්නේ අමරිකාවේ පුරවැසි භාවය ලබා ගැනීම සම්බන්ධයෙන් වන අයි 508 නැමැති එරට ආගමන විගමන පත්‍රිකාවක් ජාලිය වික්‍රමසූරිය මහතා විසින් 2014 මාර්තු 25 වනදා පුරාවා භාර දී ඇති බවයි. ඒ සමග ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති වරප්‍රසාද අහෝසි වන බව, අමෙරිකානු බලධාරීන් පෙන්වා දී ඇතැයි පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව එරට බලධාරීන් විසින් නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ජූරි සභාවක් ඉදිරියේ අධිචෝදනා නිකුත් කිරීමට කටයුතු කර තිබිණ. https://www.youtube.com/watch?v=1WDYbiIwPrY