ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 30-12-2018 | 6:22 AM

දේශීය පුවත්

1. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ: 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබේ. 2. ආණ්ඩුවේ ආයු කාලය බොහෝම කෙටියි – මහින්ද රාජපක්ෂ: හුංගම පට්ටමලුව ශ්‍රී ධර්ම විජයාරාමයේ පැවති උත්සවයකින් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන ආණ්ඩුවේ පවතින අර්බුද පිළිබඳව අදහස් පළ කළේ ය. 3. සුන්දර ඇල්ල ප්‍රදේශයට අත්ව ඇති ඛේදනීය ඉරණම: ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එක් රැස්වන කසළ ඇල්ල ප්‍රදේශයට ගෙනැවිත් දැමීම හේතුවෙන් ඇල්ල දැඩි ලෙස අපවිත්‍රව ඇති අතර ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතී. 4. රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මරුට: කොම්පඤ්ඤවීදිය, නවම් මාවත ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් පුවත්

5. පිලිපීනයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ චලනයක්: පිලිපීනයේ, මින්දනාවෝ ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.9 ක ප්‍රබල භූ චලනයක් හටගෙන තිබේ.