කොට්ටාවේ අනතුරකින් දැරියක මරුට

කොට්ටාවේ අනතුරකින් දැරියක මරුට

by Staff writer 30-12-2018 | 3:42 PM
COLOMBO (News 1st) : කොට්ටාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 11ක දැරියක මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. මිය ගිය දැරියගේ මව සහ පියා ද අනතුරින් තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසී ය.