ඔස්ට්‍රේලියාව පැරදු ඉන්දියාවට ජය...

ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ජය

by Staff writer 30-12-2018 | 8:23 AM

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 137 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

එය වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාවේදී පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයක් ඉන්දියාව ජය ගත් පළමු අවස්ථාව ලෙසයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයින් කඩුලු 7 ක් දැවී ලකුණු 443 ක් රැස් කරගෙන සිටියදීයි. සිය පළමු ඉනිම අත්හිට වූ අතර ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 151 ක්. අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් සිය දෙවෙනි ඉනිම අත්හිටවූවේ කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් රැස් කරගෙන සිටියදීය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 399 ක ඉලක්කයක් හිමි වූ අතර එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සියලු දෙනා අද ලකුණු 261 කට දැවී ගියේ ය. තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම ඒ අනුව සමත් විණි.