"ඔබ අන් අයට ලබාදෙන දේ පිළිබඳවත් සිතන්න"

මෙරට තාක්ෂණික නිර්මාණශීලීත්වය ඇගයූ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය

by Staff writer 30-12-2018 | 10:24 PM
COLOMBO (News 1st) : විද්‍යුත් හා ඉලෙක්ටොනික ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ පැවැත්විණ. විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනය පිහිටුවා ඇත්තේ තාක්ෂණික නවොත්පාදනය තුළින් විද්‍යුත් වෘත්තීයවේදීන් බිහි කිරීමේ අරමුණිනි. සිසුන්,තරුණ වෘත්තීයවේදීන් සහ ඉංජිනේරු ක්ෂේත්‍රෙය් නියුතු කාන්තාවන්ට සමාන වේදිකාවක් බිහි කිරීම මෙහි තවත් අරමුණකි. එම ආයතනව සංවිධානය කළ වාර්ෂික සම්මාන රාත්‍රීය ඊයේ පැවැත්වුණේ, මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති කේ.කේ.වයි.ඩබ්ලිව් පෙරේරා හා කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. විශ්වවිද්‍යාල 19කට අයත්, ඉංජිනේරුවන් 300කට අධික පිරිසක් මීට එක්ව සිටියහ. එහිදී සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා මෙලෙස අදහස් පළ කළේ ය. "දැක්මක් කියන්නේ මොකක් ද. දැක්මක් කියන කාරණය එක කරුණක් මත පදනම් විය යුතු නැහැ. අපේ දැක්ම තුළ තමයි අපේ සතුට තිබෙන්නේ. ඔබ කරන දෙයට ඔබ ආදරය කළ යුතුයි. ඒ වගේම ඔබේ දැක්ම අනිවාර්යෙන්ම ඔබ කැමති දෙයක් විය යුතුයි. එහෙම නැත්නම් ඔබට සාර්ථකත්වයට පත් වෙන්න බැහැ.ඊළග වැදගත්ම කාරණය තමයි ඔබ ඔබට ලැබෙන දේ පිළිබදව පමණක් හිතන්න එපා. ඔබ අන් අයට ලබාදෙන දේ පිළිබදවත් සිතන්න"