උසස් පෙළ විශිෂ්ටයින් පිළිබඳ News 1st තබන සටහනක්

උසස් පෙළ විශිෂ්ටයින් පිළිබඳ News 1st තබන සටහනක්

by Staff writer 30-12-2018 | 9:05 PM
COLOMBO (News 1st) : අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ. විෂය ධාරා 6ක් යටතේ පැවති මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ජෛව විද්‍යා අංශයේ දිවයිනේ විශිෂ්ටයා බවට පත්වුණේ, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ, කලණි සමුද්‍රා රාජපක්ෂයි. ජෛව විද්‍යාව අංශයේ දෙවන ස්ථානය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රවිදු ශෂිකට හිමි වද්දී, තෙවන ස්ථානය හිමිවුණේ, මාතලේ සහිරා විද්‍යාලයේ , මුහම්මද් රිස්මි මුහම්මද් හකීම් කරීම් සිසුවාටයි. භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ චතුනි හංසනී වසන්තා සිසුවිය හිමි කර ගත්තා ය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිදු සුරාන් භෞතික විද්‍යාව විෂය ධාරාවේ ,දිවයිනේ දෙවන ස්ථානය හිමි කර ගත් අතර තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිදු ජනිත් විජේසේකර දිනා ගත්හ. වාණිජ්‍ය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා බවට පත්වූයේ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කසුන් ඉදුරංග සිසුවායි. වාණිජ්‍ය විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ උචිනි අයත්මා සිසුවිය විසින් හිමි කර ගත් අතර තුන්වන ස්ථානය හිමි කර ගෙන ගැනීමට සමත්වුණේ, කොළඹ මියුසියස් විද්‍යලයේ මලිති ජයරත්න සිසුවියයි. කලා විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථමයා බවට පත්වුණේ, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදී දම්යාද අල්විස් සිසුවියයි. එම විෂය ධාරාවේ දිවයිනේ දෙවැන්නා බවට පත් වන්නට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ , සිත්මි නිමාෂි සිසුවිය සමත් වද්දී, තුන්වන ස්ථානය හිමිවුණේ, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ , ඉෂානි උමේෂා කුමාරි සිසුවියටයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරණ සිසුවා ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ ය . එම විෂය ධාරාවේ දෙවන ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ , තරිදු හේෂාන් සිසුවාටත්, තෙවන ස්ථානය නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ ,සෙෂාන් රංගන විජේකොන් සිසුවාටත් හිමිවූහ. මෙවර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වුණේ, කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍යමහා විද්‍යාලයේ සදුනි පියුමාෂා සිසුවියයි. එම විෂය ධාරාවෙන් දිවයිනේ දෙවැන්නා බවට සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මොහොදින් බාවා රිෂා මොහොමඩ් සිසුවා පත් වද්දි, තුන්වන ස්ථානය හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිදු දිලෙන්ක ලක්මාල් සිසුවා විසින් හිමිකර ගත්හ. මේ අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් තුන්ලක්ෂ 21,469 දෙනෙකු අතරින් එක් ලක්ෂ 60, 907 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේෂය සඳහා සුදුසුකම් ලබා තිබේ. විභාගය සදහා පෙනී සිටි ශිෂයින්ගෙන් 119 දෙනෙකුගේ ප්‍රථිඵල අත්හිටුවීමට පියවර ගත් බව ,විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=UyRSGxFgq8s