සුන්දර ඇල්ල ප්‍රදේශයට අත්ව ඇති ඛේදනීය ඉරණම

සුන්දර ඇල්ල ප්‍රදේශයට අත්ව ඇති ඛේදනීය ඉරණම

by Staff writer 29-12-2018 | 8:53 PM
COLOMBO (News 1st) - බදුල්ල, ඇල්ල කියූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ ඉතා ආකර්ෂණීය සුන්දර භූමි ප්‍රදේශයකි. ඉතා සුන්දර ඇල්ල ප්‍රදේශයේ අසුන්දර පැත්ත පිළිබඳවයි මේ සොයා බැලීම... ආරුක්කු නවයේ දුම්රිය පාළම, පුංචි ශ්‍රී පාදය, රාවණා ඇල්ල වැනි ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන රැසක් මෙහි පිහිටීම නිසාම ඇල්ල ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්ව අවසන්. නමුත් අද වන විට මේ පුංචි පාරාදීසයට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමකි. ඒ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එක් රැස්වන කසළ ඇල්ල ප්‍රදේශයට ගෙනැවිත් දැමීම හේතුවෙනි. මේ කසළ හේතුවෙන් ඇල්ල දැඩි ලෙස අපවිත්‍රව ඇති අතර ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතී.