සංචාරක වීසා මගින් විදෙස් රැකියාවලට යන පිරිස ඉහළට

සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා යන පිරිස ඉහළට - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

by Staff writer 29-12-2018 | 7:52 AM

COLOMBO (News 1st) - සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යන පිරිස ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කීර්ති මුතුකුමාරණ මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය හා විදේශවලදී සිදුවන අනපේක්ෂිත සිදුවීම්වලදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි. කටර්, ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවලට මෙන්ම ඇතැම් යුරෝපා රටවලට ද විවිධ තැරැව්කරුවන් මගින් ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියා සඳහා සංචාරක වීසා උපයෝගී කර ගනිමින් මෙරට පුද්ලයින් පිටත්ව යන බව ඔහු ප්‍රකාශ කළේ ය. කීර්ති මුතුකුමාරණ මහතා සඳහන් කළේ, සංචාරක වීසා මගින් පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමු කරන ආයතන වැටලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.