රුපියල කඩා වැටීම, එදා සහ අද

රුපියල කඩා වැටීම, එදා සහ අද

by Staff writer 29-12-2018 | 8:37 PM
COLOMBO (News 1st) - යහපාලන ආණ්ඩුව යටතේ කලින් කලට මුදල් අමාත්‍ය ධුරය විවිධ පුද්ගලයින්ට හිමි වුණ ද දිනෙන් දින අවප්‍රමාණය වුණු රුපියලේ අගය පිළිබඳව කළ ගවේෂණාත්මක සටහනක් මේ... ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් අග්‍රාමාත්‍යවරයා යටතටත්, යළි මුදල් අමාත්‍යංශය යටතටත් වසර කිහිපයක් ඇතුළත පත් වූ අතර මුදල් අමාත්‍ය ධූරය ද ස්ථාවරව නොපැවතියේ ය. 2015 ජනවාරි මාසයේදී රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වන විට අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 134.03කි. වසර දෙකහමාරක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල 15.3% කින් හෙවත් රු. 20.50 කින් අවප්‍රමාණය වී අමෙරිකානු ඩොලරය රුපියල් 154.53 ක් බවට පත් වේ. කරුණානායක මහතාගෙන් පසුව 2017 වසරේ මැයි මාසයේදී මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් වේ. දිගින් දිගටම සිදු වූ රුපියලේ අවප්‍රමාණය වීම හමුවේ 2018 ජුනි මාසය වන විට එක්සත් ජනපද ඩොලරය රුපියල් 160ක් දක්වා ඉහළ යයි. ඉකුත් සැප්තැම්බර් මස 20 වන විට ඩොලරය රුපියල් 170ක් දක්වා ඉහළ යන අතර 2018 නොවැම්බර් 23 වන විට එම අගය රුපියල් 180 ඉක්මවයි. ඒ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකා රුපියලේ අගය 19.11% හෙවත් ආසන්න වශයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියල් 30කින් අවප්‍රමාණය වී තිබේ.