පිහි ඇනුමකින් කෙළවර වූ ප්‍රේම සබඳතාව...

පිහි ඇනුමකින් කෙළවර වූ ප්‍රේම සබඳතාව...

by Staff writer 29-12-2018 | 5:09 PM
COLOMBO (News 1st) - ගාල්ල නගර මධ්‍යයේදී අද පෙරවරුවේ සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, තරුණියක පැහැර ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයෙකුට මෙලෙස පිහියකින් පහර දී ඇති බව ය. තරුණිය ගාල්ල නගරයේ වෙළෙඳ සලක සේවය කරනු ලබන අතර ඇය අද වෙළෙඳ සලට පැමිණි අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු ඇය පැහැරගෙන යාමට උත්සහ කර තිබේ. පැහැර ගැනීමට පැමිණි තරුණයා මීට පෙර අදාළ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, ඇය එය නතර කිරීම හේතුවෙන් ඇය පැහැර ගැනීමට උත්සහ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පිහි ඇනුම සිදු කළ තරුණයා සහ ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසුවේ ය.