කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 9 ක ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 9 ක ජල කප්පාදුවක්

by Staff writer 29-12-2018 | 6:48 AM

COLOMBO (News 1st) - කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයෙන රැහැන් මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පායාගල හා පිළිපනාවත්ත ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, බෙන්තොට හා දර්ගානගරය ප්‍රදේශවල ද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.