අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරේ

by Staff writer 29-12-2018 | 1:53 PM

COLOMBO (News 1st) - රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටීම සඳහා කොළඹ කොටුව පරණ පාර්ලිමේන්තු වට රවුම අසළදී අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, පොලිස් ජංගම රථයක රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ සේවය එලෙස අත්හිටවූ බවයි. පසුගිය 26 වැනි දා සිදු වූ මෙම අල්ලස් ගැනීම පිළිබඳ දර්ශන සමාජ මාධ්‍ය හා රූපවාහිනි නාලිකා කිහිපයක විකාශනයවීමෙන් අනතුරුව මේ පියවර ගත් බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.