මෙක්සිකෝ දේශසීමා වසා දමන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

අනවසර සංක්‍රමණ ගැටලු හේතුවෙන් මෙක්සිකෝ දේශසීමාව වසා දමන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්...!

by Staff writer 29-12-2018 | 8:17 AM

අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාව වසා දමන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඒ, මෙක්සිකෝවේ සිට අමෙරිකාවට අනවසර සංක්‍රමණිකයින් පැමිණීම වළක්වාලිම සඳහා ගත් ක්‍රියාමාර්ග අසාර්ථකවීම හේතුවෙනි. මෙක්සිකෝවේ සිට සංක්‍රමණිකයින් විශාල පිරිසක් වසරකට අනවසරයෙන් අමෙරිකාවට පැමිණීමට උත්සහ කරනු ඇත. එය වැළැක්වීම සඳහා මෙක්සිකෝ දේශසීමාවේ පවුරක් ඉදිකිරීමට යෝජනා වී ඇතැත්, ඒ සඳහා මෙතෙක් අරමුදල් සම්පාදනය වී නොමැතිවීම තුළ පවුර ඉදිකිරීම් අවසන් වී නොමැත. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා කොංග්‍රස් මණ්ඩලය පසුගිය දා රැස්වී ඇතැත් එහිදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.