වැඩිපුර ගාස්තු ගන්නා බස් රථවලට වැඩ වරදින ලකුණු

වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට දුරකතන අංකයක්..!

by Staff writer 28-12-2018 | 6:06 PM

COLOMBO (News 1st) - අඩු කළ ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ.

එහි සභාපති තුසිත කුලරත්න මහතා සඳහන් කළේ, එවැනි බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි 0112 860 860 යන දුරකතන අංකයට ඉදිරිපත් කළ හැකි බවයි. ඒ පිළිබඳව මේ වන විට පැමිණිලි ලැබෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේ ය. ඉන්ධන මිල අඩුවීමත් සමග බස් ගාස්තු 4% කින් පහළ දැමීමට රජය කටයුතු කළේ පසුගිය 26 වන දා සිටයි.