ඛෂෝගි ඝාතනයෙන් පසු සෞදි රජයේ තනතුරු රැසක වෙනසක්

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනයෙන් පසු සෞදි රජයේ තනතුරු රැසක වෙනසක්

by Staff writer 28-12-2018 | 7:36 AM
(News 1st) - සෞදි රජු විසින් එරට රජයේ ප්‍රධාන පෙළේ තනතුරු රැසක් සඳහා නව ප්‍රධානීන් පත් කිරීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතන සිදු වීමෙන් පසුව මෙම වෙනස්කම් සිදු කර ඇති බව ය. ඒ අනුව සෞදි රජයේ ජාතික ආරක්ෂක ප්‍රධානියා, අභ්‍යවකාශ ඒජන්සි ප්‍රධානියා සහ විදේශ අමාත්‍ය ධූරය ඇතුළු ප්‍රධාන පෙළේ තනතුරු රැසක් සඳහා නව පත් කිරීම් සිදු කිරීමට යොජිත ය. කෙසේ වෙතත් සෞදියේ ආර්ථික පසුබෑමට වගකිව යුතු බවට චෝදනා එල්ල වන එරට මුදල් සහ ආරක්ෂක අමාත්‍ය ධූර වෙනසකට භාජනය නොකිරීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනයට සෘජු ලෙසම වගකිව යුතු බවට චෝදනා එල්ල වන සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ හිතවතුන් මෙම තනතුරු සඳහා පත් කිරීම විශේෂත්වයකි.