නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා යළි රිමාන්ඩ්

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා යළි රිමාන්ඩ්

by Staff writer 28-12-2018 | 4:41 PM

COLOMBO (News 1st) - කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා ලබන මස 09 වැනි දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකාර බුද්ධි අංශ සමාජිකයින් දෙදෙනා ලබන මස 09 වැනි දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට ද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය. නඩුවේ 11 වන සහ 12 වැනි සැකකරුවන් වන මෙම බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි.