ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 28-12-2018 | 7:01 AM
COLOMBO (News 1st)  1. ඊයේ දිනයට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් දමා තිබේ. 2. යාන් ඔයේ වාන් දොරටු අද උදෑසන විවෘත කරන බැවින් ඒ පිළිබඳව අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වාරි කලාපවල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. 3. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. 4. ජා-ඇළ දකුණු නිවන්දගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කර තිබේ. 5. ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද යළි විධාරණය වීමේ අවදානමක් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නවසීලන්තය රැස් කළ ලකුණු 178ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 104කට දැවී ගියේ ය.