හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවන වරටත් පරදී

එජාප බලය හිමි හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවන වරටත් පරදී

by Staff writer 28-12-2018 | 4:52 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ 2019 වසර සඳහා වූ අයවැය දෙවන වරටත් අද පරාජය විය.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීම හේතුවෙනි. අප වාර්තාකරු පැවසුවේ, වැඩි ඡන්ද 22 කින් අයවැය පරාජයවී ඇති බවයි. හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ 2019 වසර සඳහා වූ අයවැය පළමුවර කියවීම ද පරාජය වූයේ වැඩි ඡන්ද 14 කිනි. එහිදී විපක්ෂව ඡන්ද 27 ක් ලැබුණු අතර ඡන්ද 13 ක් පක්ෂව ලැබිණි. එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන් තිදෙනෙක් අයවැය ඡන්ද විමසීමට සහභාගි වුයේ නැත.